ඉකුත් දිනවලදී සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 170කට අධික ප්‍රමාණයක් වැටලීම් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පසුගිය දිනවලදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාළව පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ කළ වෙළඳුන්ට රුපියල් මිලියන 6යි දශම 5කට අධික දඩ මුදල් නියම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර, ඊයේ දිනයේදී වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළඳුන් 25 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ, මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය හා අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල, පේරාදෙණිය, ගෙලිඔය, ගම්පොළ, උඩුපුස්සැල්ලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේකුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් සිදු කළ විශේෂ වැටලීම්වලදීයි.
එමෙන්ම වැඩි මිලට සහල් අලෙවි කළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසු රුපියල් හත් ලක්ෂ 50,000ක දඩ මුදලක් නියම කිරීමටයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ.
මේ අතර තනි පුද්ගල ව්‍යාපාර 3ක් සඳහාද එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් දෙලක්ෂ 50,000ක දඩ මුදලක්ද නියම කර තිබෙනවා.