අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.
ඒ අනුව හර්ෂ ඉලූක්පිටිය මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා