කැනඩාව සහ මෙක්සිකෝව සඳහා යෝජිත සියයට විසි පහක තීරුබදු මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තීරුබදු පැනවීමට තීරණය කර තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.
අමෙරිකාව එවැනි බදු පැනවීමක් සිදු කලහොත් අමෙරිකාවට අපනයන කරන සිය නිෂ්පාදන සඳහා ද බදු පනවන බවට කැනඩාව සහ මෙක්සිකෝව ප්‍රකාශ කළා.
ඊට අමතරව දේශසීමා ආරක්ෂාව වැඩි කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට පියවර ගැනීම සඳහා කැනඩාව සහ මෙක්සිකෝව එකඟවීම හේතුවෙන් යෝජිත තීරුබදු අත්අහිටුවීමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනා වනවා.