77 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.
“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ මෙවර නිදහස් සමරු උළෙල පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි.
ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමඟ උදෑසන 08.00ට නිදහස් සැමරුම් උළෙල ආරම්භ වීමට නියමිත බවයි.
මෙවර නිදහස් දින සැමරුමේ හමුදා පෙළපාලිය සදහා සහභාගී වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගණන සියයට හතලිහකින් පමණ අඩුකර තිබෙනවා.
පෙළපාලිය සඳහා සන්නද්ධ රථ එක්කර නොගන්නා අතර යොදාගන්නා ගුවන් යානා ගණන ද අඩු කර ඇති බවයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එච් එස් එස් තුයියකොන්තා මහතා පැවසුවේ.
මේ අතර නිදහස් දින සැමරුම් උළෙලේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.
එමෙන්ම කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල අද දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ.
වසාදමා ඇති ප්‍රදේශ මඟහරිමින් කොළඹට ඇතුළු වන වාහන ධාවනය කළ යුතු මාර්ග සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා කරුණු දැක්වූවා.
රියදුරන්ගෙන් සහ නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ද මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කළා.
කොළඹ නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශයේ අද දිනයේ ක්‍රියාත්මක කෙරෙන මෙම විශේෂ රථ වාහන සැලැස්ම නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.