77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අතර කාන්තා සිරකාරියන් සය දෙනෙකු ද සිටින බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් විශේෂ රාජ්‍ය සමාව යටතේ වැඩිම පිරිසක් අද නිදහස ලබා පිටව යන්නේ වාරියපොල බන්ධනාගාරයෙන්.
එම සංඛ්‍යාව 33ක්. මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 31ක් ද අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 22ක් ද වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ක් ද අද දිනයේ නිදහස ලබා බන්ධනාගාරවලින් පිටව යනවා.
සුළු වැරදි සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වූ සිරකරුවන් පිරිසකට එලෙස නිදහස හිමිව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් අද හිමි වනවා.
ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන්ට එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමට හැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.