Friday, February 7, 2025

General line - 0115112241

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පවුලේ නිවසකට ගිනි තබයි




බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසිනාගේ පවුලට අයත් නිවසකට බංග්ලාදේශ විරෝධකරුවන් විසින් ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එලෙස ගිනි තබා ඇත්තේ ෂෙයික් හසීනාගේ පියා වන බංග්ලාදේශයේ නිර්මෘවරයා ලෙස හැඳින්වෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවසටයි. 

කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ එම නිවසට ගිනි තබා ඇත්තේ හසීනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක්. 

ෂෙයික් හසීනාගේ දේශපාලන පක්ෂයේ ප්‍රධානීන් පිරිසකගේ නිවාසවලටද විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා. 

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති විරෝධතා උත්සන්න වීම හේතුවෙන් රටින් පලා ගිය ෂෙයික් හසීනා තවමත් ඉන්දියාවේ රැඳී සිටින බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.