Friday, February 7, 2025

General line - 0115112241

මෙගාවොට් 50ක මන්නාරම සුළං බලාගාරය අඩුම ලංසු තැබු Hayleys Fentons වෙත




මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතිය සදහා අඩුම ලංසු තැබු දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වනවා. 

හේලීස් ෆෙන්ටන්ස් සමාගම විදුලි ඒකකයක් ලබා දෙන්නේ ඇමරිකානු ඩොලර් ශත 4.65ක මිලකටයි. 

ලංසු තැබීමේදී අනෙක් සමාගම් හේලීස් ෆෙන්ටන්ස් සමාගමට වඩා ඉහළ මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා.

Wind Force ඇමරිකානු ඩොලර් ශත 4.88, Vidu Lanka ඇමරිකානු ඩොලර් ශත 4.98, Lakdhanavi ඇමරිකානු ඩොලර් ශත 5.90 බැගින් ඒකකයක මිල ලෙස ලංසු තබා ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව රටට, විදුලි පාරිභෝගිකයින්ට වඩාත්ම වාසිදායක ගනුදෙනුව වශයෙන් අඩුම ලංසුව වන ඩොලර් ශත 4.65ක හේලීස් ලංසුවට එම ව්‍යාපෘතිය ලබාදීමට තීරණය වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර, එය ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. 

විශේෂයෙන්ම මන්නාරම ප්‍රදේශය සුළං බලශක්තිය උත්පාදනය සඳහා ඉතා සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් එම ස්වභාවික සම්පත ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇති.