සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 08ක් දැවී ලකුණු 211ක් රැස් කළා.
ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 76යි.
නායක ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 23ක් පමණයි.
කමිඳු මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න ලකුණු 14 බැගින් රැස්කර සිටියදී දැවී ගියා.
කුසල් මෙන්ඩිස් ලකුණු 48ක් රැස්කර ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 257ක්.
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 54ක් ඉදිරියෙන් පසු වනවා.
දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය හෙටයි.
තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.