Sunday, February 9, 2025

General line - 0115112241

සුමේධ රණසිංහ තැබූ වාර්තාව




ලොව හෙල්ල විසි කිරීම ඉසව්වෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ ක්‍රීඩකයෙකු විසිකළ වැඩිම දුර සුමේධ රණසිංහ අද වාර්තා කළා. 

ඒ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ තේරීම් තරගයකදීයි. 

එහිදී සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම වාර්තා වුණේ මීටර 82.56ක් ලෙසයි. 

එම තේරීම් තරගයට සහභාගි වූ රුමේෂ් තරංග ද මීටර් 79.58ක් දුරක් හෙල්ල විසිකර තිබෙනවා. 

එයද මේ දක්වා ලොව දෙවන වැඩිම දුරක් හෙල්ල විසිකිරීම වනවා.