Sunday, February 9, 2025

General line - 0115112241

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩිජිටල් හැඳුනුම්පතක්

එන් ඒ ඩබ් නිරෝෂන්




මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ද ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසනවා. 

ඔවුන්ට වඩාත් පහසු සේවාවන් ලබා ගැනීම සඳහා විදේශීය සංචාරකයින්ට එලෙස ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පැවසුවා. 

කොළඹ පැවති “බිම්ස් ටෙක්” ඩිජිටල් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. 

එම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් එක්ව සිටියා. 

එහිදී කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද අදහස් පළ කළා.