ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 43ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු එලෙස රෝගී වී තිබෙනවා.
ඔහු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ.
එම ධීවරයා වෙන්නප්පුව ධීවර වරායෙන් ඉකුත් 02 වනදා තවත් ධීවරයින් හය දෙනෙකු සමග ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.