Sunday, February 9, 2025

General line - 0115112241

මුදල් වංචා සිද්ධියකට අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට




රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක මුදලක් වංචා කළ සිද්ධියකට අදාළ සැකකරුවන් තිදෙනෙකු පොල්ගහවෙල, යටිගල්ඔළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

සැකකරුවන් එලෙස මුදල් වංචා කර ඇත්තේ කුකුළු ගොවිපල ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගේ ගිණුමකින් බවයි පොලිසිය පැවසුවේ. 
 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මාඑළිය හා අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

එක් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ වාරියපොල, වැරැල්ලගොල්ල ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 43ක්, නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

ඔහු නාවික හමුදාවෙන් පලා ගිය සෙබළෙකු බවට අනාවරණ වී තිබෙනවා.