Wednesday, February 12, 2025

General line - 0115112241

නවම් පෝදා නෙත් ශ්වේත පූජා ජාඇල, උදම්මිටදීයි




නවම්පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.          

සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලා වෙත අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අද වැනි දිනක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. 

නවම් පොහොයේ වැදගත්කම සම්බන්ධනේ කරුණු දැක්වූ පොල්ගස්ඕවිට, සියඹලාගොඩ, සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ.

උන්වහන්සේ සඳහන් කළේ කාර්යබහුල ජීවිතයට ධර්මයෙන් සැහැල්ලුවක් ලබා ගැනීමට පොහොය වතාවත්වල යෙදීම අතිශය වැදගත් බවයි. 

නවම්පුර පසළොස්වක පෝදා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ජාඇල, උදම්මිට, ශ්‍රී උත්තමාරාම පුරාණ විහාරස්ථානයේදීයි. 

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.