Wednesday, February 12, 2025

General line - 0115112241

අමෙරිකාවෙන් ගාසා තීරයට නැවතත් අනතුරු ඇඟවීමක්




ගාසා තීරයේ පාලනය අමෙරිකාව විසින් අත්පත් කර ගන්නා බව නැවත වරක් අවධාරණය කර තිබෙනවා. 

ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ජෝර්දානයේ අබ්දුල්ලා රජු හමුවූ අවස්ථාවේදීයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර යෝජනා කර තිබුණේ ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකක පලස්තීන ජනතාව ජෝර්දානය ඇතුළු කලාපයේ අනෙකුත් රටවලට ගෙන යාමටයි. 

එමෙන්ම ජෝර්දානය සහ ඊජිප්තුව, ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් භාර ගැනීමට එකඟ නොවන්නේ නම් ඔවුන්ට ලබාදෙන ආධාර අත්හිටුවිය හැකි බවටද ට්‍රම්ප් ඉකුත් දා අනතුරු ඇඟවුවා. 

කෙසේවෙතත් ජෝර්දානය, මැද පෙරදිග කලාපයේ අමෙරිකාවේ ප්‍රධාන සගයෙකු වුවත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයක්. 

දැනටමත් මිලියන සංඛ්‍යාත පලස්තීනුවන්ගේ ජීවත් වන්නේද ජෝර්දානයේයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පලස්තීන ජනතාව ජෝර්දානය ඇතුළු කලාපයේ අනෙකුත් රටවලට ගෙන යාමට අදාළ යෝජනාව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු දෙරටේ නායකයින් හමුවූ පළමු අවස්ථාව මෙයයි. 

පලස්තීනුවන් අවතැන් කිරීමට එරෙහි බව ජෝර්දානයේ ස්ථාවරය බවට අබ්දුල්ලා රජු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

1948 සිට පලස්තීන සරණාගතයින්ගෙන් පැවත එන මිලියන සංඛ්‍යාත ජනතාවක් ජෝර්දානයේ දැනටමත් වාසය කරනවා.