Wednesday, February 12, 2025

General line - 0115112241

සිංහ - කැන්ගරු පළමු එක්දින ක්‍රිකට් සටන අද




සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. 

මෙම තරගාවලියේ තරග දෙකම දිවා තරග ලෙස කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම දිවා කාලයේ පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගී වන්නේ කලකට පසුවයි. 

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කණ්ඩායමේ නායක චරිත් අසලංක අදහස් දැක්වූයේ මෙලෙසයි.

සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද උදෑසන 10ට ආරම්භ කිරීමට නියමිතයි.