Wednesday, February 12, 2025

General line - 0115112241

අද විදුලි කප්පාදුවක් නැහැ




අද දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

අද පොහොය දිනයක් බැවින් ඇතිවිය හැකි විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකියාව පවතින නිසා එම තීරණය ගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

මේ අතර විදුලි ඉල්ලුම සහ සැපයුම කළමනාකරණය කිරීම සිදුකර ආකාරය සහ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එකවෙමින් මෙලෙස කරුණු දැක්වුවා.