Wednesday, March 12, 2025

General line - 0115112241

ගාසා සටන් විරාමයෙන් ඉවත්වීමට ඊශ්‍රායලය සැරසෙයි



ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබෙනවා. 

ඔහු දන්වා ඇත්තේ ලබන සෙනසුරාදා දහවල් වන විට ප්‍රාණ ඇපකරුවන් භාර නොදෙන්නේ නම් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කරන බවයි.

නැවත දැනුම් දෙන තුරු තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බවට හමාස් සංවිධානය මීට පෙර ප්‍රකාශ කළා. 

ඔවුන්ගේ එම නිවේදනයට ප්‍රතිචාර වශයෙනුයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ. 

බෙන්ජමින් නෙතන්යාහු දැනුම් දී ඇත්තේ ගාසා තීරය තුළ සහ අවට ඊශ්‍රායල හමුදා එක්රැස් කරන ලෙස තමා නියෝග කළ බවයි.