සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟයේ ජයග්‍රහණයත් සමග ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වී තිබෙනවා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 214, 2005 වසරෙන් පසු ඕස්ටේ්‍රලියාවට එරෙහිව කිසියම් කණ්ඩායමක් එක්දින තරඟයක රැස් කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවයි.
කෙසේවෙතත් එය වාර්තා පොත් අතරට එක් වුණේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර 2008 දී මෙල්බර්න් හි පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 221 ක ඉලක්කය ආරක්‍ෂා කර ගනිමින් තරඟය ජයගෙන තිබුණා.
ඊයේ පැවති තරඟයේදී ශ්‍රී ලංකාවේ කඩුලු 05ක් බිඳ වැටුණේ ලකුණු 55ක් තුළයි.
එය සැලකුණේ ශ්‍රී ලංකාව ජයගත් තරඟයක පළමු කඩුලු 05 බිඳ වැටුණු තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ලකුණු 127ක් රැස් කළ අතර ඕස්ටේ්‍රලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
එමෙන්ම අංක 5 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාවද එයයි.
මීට අමතරව එක්දින තරගවලදී ශ්‍රී ලංකා නායකයෙකු ලබාගත් සිව්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද චරිත් රැස්කළ ශතකය වාර්තා අතරට එක් වුණා.
චරිත් අසලංකගේ ලකුණු 127, ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් සියයට 59යි දශම 3යි 5ක් වූ අතර එක්දින තරඟයකදී වාර්තා වූ තුන්වන ඉහළම ප්‍රතිශතයයි.
අසලංක සහ එෂාන් මාලිංග අතර නවවන කඩුල්ල සඳහා ලකුණු 79ක සම්බන්ධතාවය, එක්දින තරගයකදී නවවන කඩුල්ල සඳහා ශ්‍රී ලංකාවේදී වාර්තා වූ දෙවන ඉහළම ලකුණු සම්බන්ධතාවය වනවා.
එහිදී චරිත් අසලංකගේ දායකත්වය සියයට 97යි දශම 4යි 7ක්.
එය එක්දින තරඟයක ලකුණු පනහක් හෝ ඊට වැඩි සම්බන්ධතාවයකදී පිතිකරුවෙකු රැස්කළ දෙවන ඉහළම ප්‍රතිශතයයි.
මෙම තරඟයේ කණ්ඩායම් දෙකේම ඉනිම් දෙකේ පළමු පන්දුවාර 10දී කඩුලු 08ක් බිඳවැටුණු අතර දෙරට අතර 2002 වසරෙන් පසු එක්දින තරඟයකදී පළමු පන්දුවාර දහයේදී බිඳ වැටුණු වැඩිම කඩුලු සංඛ්‍යාවද වනවා.