අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා.
දිගු වේලාවක් පැවති මෙම දුරකථන ඇමතුම ඉතා ඵලදායී වූ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
එහිදී යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටද එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් රුසියානු බලධාරීන්ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔවුන් පවසා ඇත්තේ එක්ව වැඩ කිරීමට කාලය පැමිණ ඇති බවට ට්‍රම්ප්ගේ අදහසට පුටින් සහාය දුන් බවයි.
පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන ඇමතුම පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති බවත් මොස්කව් වෙත පැමිණීමට එහිදී ආරාධනාවක් කළ බවත් රුසියානු බලධාරීන් පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුක්රේන ජනාධිපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ කල්පවත්නා සහ විශ්වාසදායක සාමයක් පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.
එහෙත් යුක්රේනයට නේටෝ සංවිධානයට එක්වීමට ඉඩක් නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ ආරක්ෂක ලේකම්වරයාද අවධාරණය කර තිබෙනවා.