Thursday, February 13, 2025

General line - 0115112241

වී මිල ගැන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කතා කරයි




වී සඳහා අවම මිල ගණනය කිරීමේදී ගොවීන්ට දුන් සහනාධාර කිසිවක් නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කර නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ඒ අනුව රජය විසින් නියම කර ඇති වී මිල කෘෂි ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් විසින් ගණනය කළ පිරිවැයට වඩා වැඩි අගයක් වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සොයා රාත්‍රී කාලයේද වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවා.

මේ අතර රජය සෑම විටම ක්‍රිියා කරන්නේ ගොවියා සහ පාරිභෝගියා යන දෙපාර්ශවය පිළිබඳවම සිතා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉකුත් දා ප්‍රකාශ කළා.