Thursday, February 13, 2025

General line - 0115112241

මහීෂ් තීක්‍ෂණ ක්‍රිකට් ලොව අංක එකට ළංවෙයි




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්‍ෂණ සමත් වී තිබෙනවා. 

ඒ, ඕස්ටේ්‍රලියාව සමග පැවති පළමු එක්දින තරඟයේදී පන්දු යැවීමේ දක්ෂතා මතයි. 

ඒ අනුව මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් ඉදිරයට පැමිණ තිබෙනවා. 

ඔහුට හිමි ශ්‍රේණිගත කිරීමේ ලකුණු සංඛ්‍යාව 663ක්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්. 

ඔහුට හිමි ශ්‍රේණිගත කිරීමේ ලකුණු සංඛ්‍යාව 669ක්. 

ඒ අනුව ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත් වීමට මහීෂ් තීක්‍ෂණට අවශ්‍ය වන්නේ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 06ක් පමණයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ විසි එක්වන ස්ථානය දක්වා පසුබැසීමට වනිඳු හසරංගට සිදුව තිබෙනවා. 

ඒ, සථාන දෙකක් පසුබසිමින්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 16වන ස්ථානය දක්වා පැමිණීමට චරිත් අසලංකට හැකිවී තිබෙනවා. 

ඒ, එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.