දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති යූ එස් ඒඩ් වැඩසටහන නතර කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ මෙම වැඩසටහන නතර කිරීම හරහා රටවල් 50කට දැවැන්ත සෞඛ්‍ය තර්ජනයක් එල්ල වී ඇති බවයි.
ඒඩ්ස්, පෝලියෝ, මන්කිපොක්ස් සහ කුරුළු උණ පාලනය කිරීමේ වැඩසටහන්වලට අමෙරිකාවෙන් ලැබූණු ඩොලර් බිලියන ගණනක විදේශ ආධාර මේ හරහා නතර වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
එහි ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ඉල්ලා සිටියේ වෙනත් විසඳුම් සොයා ගත හැකි වන තෙක් ආධාර අරමුදල් නැවත ආරම්භ කිරීම සලකා බලන ලෙසයි.
මේ වන විටත් රටවල් 50 ක ඒඩ්ස් ප්‍රතිකාර සහ අනෙකුත් සේවාවන් අඩාල වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
යූ එස් ඒඩ් වැඩසටහනේ අරමුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව පවසමින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් (USAID) වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් දා පියවර ගත්තා.
ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්ද එහි ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර තිබුණා.
මේ අතරතුර දැන් චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, යුක්රේනය, සිරියාව, ඉරානය, පකිස්ථානය, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ අමෙරිකාවේ ආණ්ඩු වෙනස් කිරීමට සහ පුද්ගලික ලාභ ලැබීමට යූ එස් ඒඩ් අරමුදල් වැය කර ඇති බවටයි.