Wednesday, March 12, 2025

General line - 0115112241

කැනඩාවේ ගුවන් අනතුරින් සියලු මගීන්ගේ දිවි බේරෙයි



කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරට පත් වී පෙරළී ගිය ගුවන් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය දිවි ගලවා ගත් බව විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණ කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව දහඅටක්.

ටොරොන්ටෝ ගුවන්තොටුපළ පාලන අධිකාරිය පැවසුවේ අනතුරින් එක් දරුවෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

අනතුරට ලක් වන අවස්ථාවේ යානයේ 80 දෙනෙකු සිට ඇති අතර ඉන් 76 දෙනෙකු ගුවන් මගීන්.

අනතුරත් සමග හෙලිකොප්ටර් තුනක් සහ ගිලන්රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා තිබුණා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපවල දැක්වෙන්නේ අදාළ ගුවන් යානය පෙරළී ගොස් හිමෙන් වැසුණු මාර්ගයක ගැටෙන ආකාරයයි.

අනතුරෙන් පසු ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමුණු අතර එහි කටයුතු දැන් නැවත ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් පරීක්ෂණ සඳහා ධාවන පථ දෙකක් දින කිහිපයක් වසා තබන බවයි ගුවන් තොටුපළ බලධාරීන් පවසන්නේ.

මෙම අනතුර පසුගිය මාසයේ උතුරු ඇමරිකානු කලාපයේ සිදුවූ සිව්වන ප්‍රධාන ගුවන් අනතුරයි.