රුසියානු - යුක්‍රේන යුද්ධය නිම කිරීමේ සුබ ලකුණු පල වී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ, සෞදි අරාබියේදී අමෙරිකානු - රුසියානු බලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡා පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා ඉතා හොඳ මට්ටමින් අවසන් වූ බවයි.
ඒ අනුව රුසියාව සහ යුක්‍රේනය අතර සාම ගිවිසුමක් පිළිබඳ තමා දැඩි විශ්වාසයෙන් පසුවන බවද බොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ රුසියානු පාර්ශවය පවසන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට තම රට සූදානම් බවයි.
එහෙත් කිසිදු සාම ගිවිසුමක් යටතේ යුක්‍රේනයට නේටෝ රටවලින් සාම සාධක හමුදා යොමු කිරීම පිළි නොගන්නා බවයි රුසියාව අවධාරණය කර ඇත්තේ.