Thursday, March 28, 2024

General line - 0115112241

දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ ගොඩනැගිල්ලක ගින්නක් (PHOTOS)




දඹුල්ල උයන්වත්ත පුරාණ රජමහා විහාරයට අයත් ගොඩනැගිල්ලක අද (28) පස්වරුවේ ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව තිබෙනවා.

අද (28) පස්වරු 5.00 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දඹුල්ල මහා නගර සභා ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීම් රථ දෙකක් යොදවා ගින්න පාලනය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

සිදුව ඇති අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුව ද අනාවරණය වී නැහැ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

00001temple 00002temple 00003temple 00004temple 00005temple 00006temple 00007temple 00008temple 00009temple 00010temple