Sunday, May 5, 2024

General line - 0115112241

රියෝ ඔලිම්පික් චෝදනාවලට කමිටුවෙන් පිළිතුරු




බ‍්‍රසීලයේ පැවති රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උලෙලට සහභාගි වූ නිලධාරින් පිළිබඳ ඉදිරියේදී සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙලි කරන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසනවා.

මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට නිලධාරීන් 40ක් සහභාගි වූ බවට මාධ්‍ය වාර්තා පල වුණා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප‍්‍රකාශ කළේ එවැනි පිරිසක් සහභාගි වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවයි. ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වූ හඬපටය පහතින් අහන්න


එසේ නම් මෙවර රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතුලුව සහභාගි වූ මුලු නිලධාරීන් සංඛ්‍යාව පිලිබඳ නෙත් නිවුස් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගෙන් ප‍්‍රශ්න කළා.

කෙසේ වෙතත් කී‍්‍රඩකයන්ට වඩා වැඩි නිලධාරීන් පිරිසක් මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කී‍්‍රඩා අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.

ඊට සහභාගි වූ සියලු නිලධාරීන් පිළිබඳ සවිස්තර වාර්තාවක් අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ.

 

සබැඳි පුවත්

ඔලිම්පික් ගිය නිලධාරීන්ට වැඩ වරදින ලකුණු