Friday, September 20, 2024

General line - 0115112241

පොරොන්දුවක් දීගෙනම ජගත් මහලේකම් උතුරට යයි!




ශී‍්‍ර ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බව එහි මහලේකම් බැන්කි මූන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේදීයි.

වත්මන් රජය යටතේ ශී‍්‍ර ලංකාව තුළ තහවුරු වී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙහිදි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප‍්‍රසාදයට ලක්වුණා. ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිලිවලේ ප‍්‍රගතිය පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. නව ව්‍යවස්ථා සංශෝධනය සදහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා මහලේකම්වරයා දැනුවත් කළා.

නැවත පදිංචි කිරිම්, පුනරුත්ථාපන කටයුතු, ඉඩම් නිදහස් කිරිම යන කරුණු පිළිබදවද ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.

මේ අතර ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් අද පෙරවරුවේ යාපනයේ ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකටද එක්වනවා.

එහිදී යාපනයේ දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කරනු ඇති. යාපනය ප‍්‍රදේශයේ නැවත පදිංචි කිරීම් පිළිබදවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහිදී සිය අවධානය යොමු කිරීමට නියමිතයි.