Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් වහන්න බැහැ




කොතරම් උද්ඝෝෂණ, විරෝධතා පැවතියද මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට ආණ්ඩුවට නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු කියා සිටියේ මේ වනවිට අධිකරණයට පවා ගොස් ඇති සයිටම් ගැටලූවට ඉදිරි මාස කිහිපයේදී තීන්දුවක් ලැබෙනු ඇති බවයි. අධිකරණය දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා සදහන් කළා. ඔහු මෙම අදහස් පළ කළේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මෙය ආරම්භ වූයේ පසුගිය ආණ්ඩුව සමයේ බවත් එකල කිසිවෙකු මේ සම්බන්ධව විරුද්ධ නොවූ බවත්, ඒ කාලයේ විරුද්ධ වූවා නම් සුදු වෑන් එකේ යන්න වෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළකලා.මෙම විශ්ව විද්‍යාලය ඇරඹී වසර පහක් ගතව ඇති බවත්,අවුරුදු 5ක් තිස්සේ සිසුන් පන්හයසීයක් අධ්‍යාපනය ලබන තැනැක් සිතු මනාපෙට වසා දැමිය නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

අධ්‍යාපන ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ රජය මිස විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් ඉකුත් බදාදා කොළඹදී පාගමනකද නිරත වුණේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවයි.