Friday, September 20, 2024

General line - 0115112241

බැරිම තැන ගොවීන් අද මහ පාරට




ගොවීන් මුහුණපා ඇති ගැටලූවලට විසදුම් නොලැබීම හා ඉල්ලීම්වලට මෙතෙක් ප‍්‍රතිචාර නොලැබීම යන කරුණු පදනම් කර ගනිමින් ගොවි සංවිධාන අද විරෝධතා ව්‍යාපාරයක නිරතවීමට සූදානම් වනවා.

එය ආරම්භ වන්නේ දඹුල්ල නගරයේදීයි.

ලොකු ළූණු ගොවියාගේ ළුෑණු වලට සාධාරණ මිලක් ලබා ගැනීම, වී ගොවියාගේ වී වල නීතිය ක්‍රියාත්මක කිරීම, එළවලු ගොවියාට සාධාරණ මිලක් ලබාගැනීම, පොහොර මිල අඩුකිරීම, ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අඩුකිරීම වැනි කාරණා පදනම් කරගනිමින් මෙම විරෝධතා මාලාව ආරම්භ වන බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ.

මේ අතර පිටරටින් ලොකු ළුෑණු ගෙන්වන දඹුල්ලේ වෙළඳුන් ලබන 10 වනදා සිට මාස තුනක කාලයක් ලොකු ළුෑණු ආනයනය නොකිරීමට තීරණය කර තිබෙනවා.

ආනයනික ලොකු ළුෑණු සදහා පනවා ඇති බද්ද රුපියල් 40 ක් දක්වා වැඩි කිරීමටද රජය ඉකුත්දා තීරණය කළා.