Friday, September 20, 2024

General line - 0115112241

ජනප්‍රිය පාසල් රැසක හදිසියේම පුටු මාරු රැසක්!




ඉකුත් දින කිහිප තුළ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ස්ථාන මාරුවීම් රැසක් සිදුව තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකුද පත් කෙරුණා. නව ලේකම්වරයා ලෙස පත් වූ සුනිල් හෙට්ටිආරච්චි සිය ධුරයේ වැඩ ආරම්භ කළේ ඊයේ දිනයේයි.

ජනපි‍්‍රය පාසල් කිහිපයක විදුහල්පතිවරුන් මාරු කිරීම්ද ඉකුත් දින කිහිපයේ සිදුව තිබෙනවා. ඒ අනුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති එස් එම් කීර්තිරත්න පත්කර ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයටයි.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මාරුකර යවා තිබෙනවා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුල්පති එම් බී විමලසේන මාරුකර යවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි.

කොළඹ ලූම්බිණි විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මාරුකර යැවුණා. කැළණිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශී‍්‍ර ලාල් නෝනිස් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලෙසයි පත්කර ඇත්තේ.