Friday, September 20, 2024

General line - 0115112241

මර්වින්ගේ සාහිත්‍ය දේශණයක් මැද උණුසුම් තත්ත්වයක්




භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්ගේ නවතම කෘතිය එළිදැක්වීම සදහා ඊයේ පැවති උත්සවයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, පුවත්පත් මාධ්‍යවේදියෙකු වන කසුන් පුස්සැල්ල උත්සව සභාව අමතමින් සිටි අවස්ථාවේදීයි.මෙම උත්සවයේ සාහිත්‍ය දේශණයක් සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාටද ආරාධනා ලැබී තිබුණා.

එහිදී ඉකුත් සමයේ මාධ්‍යවේදින්ට එල්ල වූ තර්ජනද සිහිපත් කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඉලක්ක කර මාධ්‍යවේදියා විසින් කරනු ලැබූ ප‍්‍රකාශයක් මෙම උණුසුම් තත්ත්වයට හේතු වුණා.මෙහිදී එම මාධ්‍යවේදියා පවසා ඇත්තේ පසුගිය සමයේ මාධ්‍යවේදීන්ට බලපෑම් කළ පුද්ගලයෙකු මෙහි සිටින බවකි.අනතුරුව හිටපු ඇමතිවරයා එතැනින් නැගිට යාමටද සැරසෙනවා.

එම අවස්ථාවේ හඬ පටය පහතින්

පසුව සභාව ඇමතීමේ අවස්ථාව හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට හිමි වුණා. එහිදී ඔහු සාහිත්‍ය දේශණයක් පැවැත්වීමට තමාට ලැබුණු අවස්ථාව පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසින්.

‘‘මම දේශපාලන වේදිකාවල තමයි ගොඩක් කතා කරන්නේ දේශනවලට කිව්වොත් එනවා මගේ අම්මා කියලා තියෙන්නේ බැරි සිල් නොගනින් අබරෝ කියලා නමුත් මං පොඩි ට්‍රයි එකක් දැම්මා අම්මා කියපු දෙයින් එහාට යන්න‘‘

මෙම උත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ කොළඹ මහවැලි කේන්‍ද්‍රයේදියි.