Friday, September 20, 2024

General line - 0115112241

ජාතික ගීය දෙමළෙන් ගැයුවාට මූන් සතුටින්!




ශී‍්‍ර ලංකාව තුළ සංහිදියා යාන්ත‍්‍රණය ඇති කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් විසින් නිශ්චිත කාලසීමාවක් ලබානොදුන් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියාසිටියේ ශී‍්‍ර ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන් බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තමාට පැවසූ බවයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ප‍්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර බැන්කි මූන් විසින් කොළඹදී අද පෙරවරුවේ ආරම්භ වූ ස්ථාවර සාමය හා තිරසාර සංවර්ධනය පිළිබද සම්මන්ත‍්‍රණයද අමතනු ලැබුවා. එහිදී ඔහු කියාසිටියේ යුද ගැටුම්වලින් පසුව ශී‍්‍ර ලංකාව ලබාගනිමින් ඇති ප‍්‍රගතිය අගය කළයුතු බවයි.

19 ව්‍යවස්ථා සංශෝධනය තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමත් ඉතා වැදගත් කරුණක් බවත් නව ව්‍යස්ථාවක් නිර්මාණය කිරීම සඳහා ගන්නා උත්සහය මෙන්ම ජාතික ගීය දෙමළෙන් හා සිංහල භාෂාවෙන් ගායනා කිරීම අගය කළ යුත්තක් බවයි ජගත් මහලේකම්වරයා ප්‍රකාශ කළේ

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් අද දිනයේ යාපනයේ සංචාරයක නිරතවීමටද නියමිතයි.

14194483_1645580029103933_1470977607_n