Friday, September 20, 2024

General line - 0115112241

ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක්!




ලොවපුරා අතිශය ජනපි‍්‍රය හොංකොං ජාතික සිනමා නළු ජැකී චෑන් හට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන ඔස්කා ගෞරව සම්මානය ලබාදීමට තීරණය කර තිබෙනවා.

62 හැවිරිදි ජැකී චෑන් සිනමාව වෙනුවෙන් කළ සුවිශේෂි දායකත්වය සලකා මෙම සම්මානය ලබාදීමටයි ඔස්කා සම්මාන උළලේ සංවිධායකයින් තීරණය කර ඇත්තේ.

1962 වර්ෂයේ සිට සිනමා ක්‍ෂේත‍්‍රයේ රැදි සිටින ඔහු මේ දක්වා දායක වී ඇති චිත‍්‍රපට සංඛ්‍යාව 150 කට අධිකයි. එහෙත් ජැකී චෑන් මෙතෙක් කිසිදු ඔස්කා සම්මානයක් දිනා ගෙන නොතිබීමද විශේෂත්වයක්.

1954 වසරේ උපත ලබන ඔහු නළුවෙක් මෙන්ම සටන් ශිල්පියෙකු ලෙසද ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත් වුණා.

ජැකී චෑන් රගපෑ රෂ් අවර්, රම්බල් ඉන්ද බ්‍රොංන්ක්ස් හා කුංෆු පැංඩා යන චිත‍්‍රපට ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත්වූ අතර දැනට ලෝකයේ දෙවන වැඩිම මුදලක් අයකරන නළුවා වන්නේද ජැකී චෑන්.