Friday, September 20, 2024

General line - 0115112241

ලක්ෂ 30ක් වංචා කළ කතක් අත්අඩංගුවට




සංචාරක වීසා මත පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා යැවු කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්පිටියේ පදිංචි සැකකාරිය, පුද්ගලයින් 15 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කර ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලදි අනාවරණ වී ඇත්තේ.

සැකකාරිය විසින් මීට පෙර සංචාරක වීසා මත මැලේසියාවට යැවූ පුද්ගලයින් කිහිපදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බවටද සැකකාරියගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.