Friday, September 20, 2024

General line - 0115112241

නව පරිවර්තනයට ජනපති කල් ඉල්ලයි




රට තුළ නව පරිවර්තනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාදෙන්නැයි තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයා සිනා මුසු මුහුණින් යුතුව ප‍්‍රසාදය පළ කළ බවයි.

ශී‍්‍ර ලංකාව තුල ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහාය ජගත් සංවිධානය හරහා ලබාදීමට මහලේකම්වරයා පොරොන්දු වූ බවද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ශී‍්‍ර ලංකාව තුළ සිදු කෙරෙන සංහිදියා යාන්ත‍්‍රණයට කාල සීමාවක් ලබා නොදෙන බව ජගත් මහලේකම්වරයා ප‍්‍රකාශ කළ බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

උතුරු පළාත් වැසියන්ගේ ඉඩම් ගැටුලව සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා. ඉදිරි මාස 3 ඇතුළත උතුරු පළාතේ ඉඩම්, එ්වායේ මුල් හිමිකරුවන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.