Friday, September 20, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට නියෝග




බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ප‍්‍රධාන සැකකරු ඇතුළු අටදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ අද (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ව්‍යාපාරිකයා පැහැර ගැනීම සහ ඒ සඳහා වූ සැලසුම් සියල්ල අනාවරණ කර ගැනීමට පොලිසියට හැකිවූ බවයි.

ව්‍යාපාරිකයා පැහැර ගැනීම සිදුකළ අවස්ථාවේම ඔහු ඝාතනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු සම්බන්ධයෙන්ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කරුණු පැහැදිලි කළ හඬපටය පහතින් ඇසිය හැකියි.