Friday, September 20, 2024

General line - 0115112241

එජාපයේ දෙපිරිසක් හලාවත දෙවනත් කරයි!




එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර හලාවත නගරයේදී ඊයේ රාත‍්‍රී ගැටුමක් ඇති වී තිබෙනවා. තුවාල ලැබූ තුන් දෙනෙකු රෝහල්ගත කර සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රවර්ධන වැඩසටහනක් හලාවත නගරයේදී හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා සැරසිලි සිදුකරමින් සිටි අවස්ථාවකයි අදාළ ගැටුම ඇති වී තිබෙන්නේ.

තුවාල ලබා රෝහල්ගතව සිටින්නන් එක්සත් ජාතික පක්ෂයේ හලාවත සම සංවිධායක හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දුගේ ආධාරකරුවන් වනවා.

එක්සත් ජාතික පක්ෂයේ හලාවත සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරගේ ආධාරකරුවන් පිරිසක් තමන්ට පහරදුන් බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ.