Friday, September 20, 2024

General line - 0115112241

එජාප හලාවත ගැටුම තවත් ඔඩුදුවයි(UPDATE)




එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර හලාවතදී ඊයේ රාත‍්‍රියේ ඇති වූ ගැටුම තවදුරටත් ඔඩුදුවමින් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ හලාවත සම සංවිධායක හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු පැවසුවේ සිය ආධාරකරුවන් පිරිසකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකරගේ ආධාරකරුවන් පිිරිසක් පහරදුන් බවයි. කෙසේ වෙතත් මුලින් පහරදීමට ලක්ව ඇත්තේ සිය ආධාරකරුවෙකු බව ශාන්ත අබේසේකර පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකර පොලිසියේදී ද කළහකාරීව හැසිරුණු බව හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු කියා සිටියා. එහෙත් එවැන්නක් සිදුනොවුණු බවයි ශාන්ත සිසිර කුමාර අබේසේකර පැවසුවේ.

ඊයේ රාත‍්‍රියේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ කිහිපදෙනෙක් තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

—————————————————————————————————————

Saturday, September 3, 2016 @ 7.35AM

එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර හලාවත නගරයේදී ඊයේ රාත‍්‍රී ගැටුමක් ඇති වී තිබෙනවා. තුවාල ලැබූ තුන් දෙනෙකු රෝහල්ගත කර සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රවර්ධන වැඩසටහනක් හලාවත නගරයේදී හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා සැරසිලි සිදුකරමින් සිටි අවස්ථාවකයි අදාළ ගැටුම ඇති වී තිබෙන්නේ.

තුවාල ලබා රෝහල්ගතව සිටින්නන් එක්සත් ජාතික පක්ෂයේ හලාවත සම සංවිධායක හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දුගේ ආධාරකරුවන් වනවා.

එක්සත් ජාතික පක්ෂයේ හලාවත සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරගේ ආධාරකරුවන් පිරිසක් තමන්ට පහරදුන් බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ.