Friday, September 20, 2024

General line - 0115112241

වවුචර වෙනුවට චෙක්




වවුචරය වෙනුවට චෙක්පතක් ලබාදීමෙන් පාසල් නිල ඇඳුම් රෙදි සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලූ විසඳීමට නොහැකි බව ගුරු සංගම් පවසනවා.

ඉකුත් වසරේදී පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට සිසුන්ට ලබාදුන්නේ රෙදි මිලදී ගැනීම සඳහා වවුචරයක්.

ඉදිරියේදී වවුචර් වෙනුවට චෙක්පත් ලබාදීමට අදහස් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ කියා සිටියේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ගුරු සංගම්වලින් විමසීමක් කළා. එහිදී ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනයේ ඇති වරප්‍රසාද විවිධ ක්‍රම වලින් අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බවයි

ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ද කියා සිටියේ වවුචර් හෝ චෙක්පත් නොව පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදිම ලබාදිය යුතු බවයි.