Friday, September 20, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඩිල්ෂාන් ගීතයකින් එළියට (VIDEO) (EXCLUSIVE)




ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් නායකයෙකුද වූ තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා (28) ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන්නා. ඔහු සමුගත් පසු පැවසුවේ අලුත් වැඩක් කීරීමට තමන් සූදානමෙන් සිටින බවයි.

කෙසේ වෙතත් ඩිල්ෂාන්ගේ අලුත්ම වැඩේ මේ වෙනවිට රහසක් නොවෙනවා. එනම් ඩිල්ෂාන්ගේ කාලයක් සිට තිබූ සිහිනය යථාර්තයක් කරමින් ඔහු සිය බිරිඳ මංජුලා සමග ගීතයක් ගායනා කර තිබෙනවා.

එම ගීතයේ තනුව යොවුන් ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන සඳුන් පෙරේරා විසින් නිර්මාණය කර තිබෙන අතර සංගීතය සපයන්නේ ෂෙනාල් මද්දුමගේ විසිනි.

ඔහුගේ මුහුණු පොතේ වීඩියෝ සටහනක් තබමින් සිය ප්‍රේක්ෂකයින් වෙත කියා සිටින්නේ නුදුරේදිම සිය ගීතය මුදා හැරීමට බලාපොරොත්තුවෙන බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

14203244_1818900635010993_2195158034925849356_n 14238334_1818900468344343_6354654433286772949_n download