Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට අවවාදයක්




දුම්වැටි බද්ද සියයට 90 දක්වා ඉහළ නැංවීමට තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව වැඩිකල් නොයවා සම්මත කර ගැනීමට කටයුතු කළයුතු බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (03) විවෘත පණිවිඩයක් ලබාදුන්නා.

ඒ, මහරගම අපේක්‍ෂා පිළිකා රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අද කළයුතු දේ හෙටට කල්දමා මුළුමහත් ජාතියම රෝගීන් බවට පත්කිරිමේ ඛේදවාචකයට උරනොදෙන ලෙසයි ජනාධිපතිවරයා මැතිඇමතිවරුන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේ.

මේ අතර 150 වන පොලිස් දිනය වෙනුවෙන් බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේ පැවති නිල උත්සවයටද ජනාධිපතිවරයා සහභාගි වුණා.

පොලිසිය පොදු ජන සේවාව සදහාම කැපවූ ආයතනයක් වියයුතු බවයි ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ.

මේ අතර ජනධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ 65 වන ඡන්ම දිනයද අදට යෙදි තිබෙනවා.