Thursday, September 19, 2024

General line - 0115112241

මහින්දට දැන් පන්සලකට යන්නත් බැරිලු




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආගමික සිද්ධස්ථානයකට පවා යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණයවීම පිළිබඳ සියලු පාර්ශව අවදානය යොමුකළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලොහාන් රත්වත්තේ පවසනවා.

මැලේසියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (04) එරට සෙන්තූල් බෞද්ධ විහාරස්ථානයේ සංචාරය කිරීමට නියමිතව තිබියදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් ඊයේ (03) එම විහාරස්ථානයට ප‍්‍රහාරයක් එල්ල කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලොහාන් රත්වත්තේ මැලේසියාවේ සිට නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මේ බව කියාසිටියා.

විරෝධතාකරුවන් එහි නායක ස්වාමීන්වහන්සේට පහරදී බලපෑම් කර තිබුණේ මෙම විහාරයේ පැවැත්වෙන උත්සවය නතර කරන ලෙස යනුවෙන් බවත් ඔහු සඳහන් කළා.