Friday, September 20, 2024

General line - 0115112241

බදියුදීන්ව ඇමතිකමින් අයින් කරන්නලු




කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් වහා එම ධුරයෙන් ඉවත් කරන්නැයි පාරිභෝගිත අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ නිසි ක‍්‍රමවේදයට පරිබාහිරව සහල් තොගයක් ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතල වංචා විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණ සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාටද චෝදනා එල්ල වනවා. එම නිසා පරීක්ෂණවලට සහ සාක්ෂිකරුවන්ට යම් බාධා එල්ලවිය හැකි බවයි රංජිත් විතානගේ සඳහන් කළේ. බාධාවකින් තොරව පරීක්ෂණ පවත්වාගෙන යාම සඳහා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවයි රංජිත් විතානගේ වැඩිදුරටත් සඳහන් කළේ.