Friday, September 20, 2024

General line - 0115112241

‘මම යන ගමන නවත්වන්න බැහැ’




වැඩි ජනතා ප‍්‍රසිද්ධියක් ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් එලවා දැමීමට වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා ශී‍්‍ර ලංක නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි.

මැලේසියාවේ සංචාරයක නිරත මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එල්.ටී.ටී.ඊ යෙන් තමන්ට එල්ල වන තර්ජන පිළිබඳවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.

එහිදී හෙතෙම පැවසුවේ “ඉවර කරපු යුද්ධයක් මම බාර ගත්තයි කියලා තමයි මට මෙහෙම වෙලා තියෙන්නෙ. දැන් එයාලා කියනවනේ එයාලයි යුද්ධය ඉවර කළේ කියලා. මම මැලේසියාවට එන්න කලින් දැනන් හිටියා මට මේ තත්ත්වය උදාවෙනවයි කියලා. කොටි විරුද්ධ වුණා කියලා මම යන ගමන නවත්වන්න බැහැ.” යනුවෙනි.