Thursday, September 19, 2024

General line - 0115112241

ජනපති මෛත‍්‍රීට ජාත්‍යන්තර සම්මානයක්




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයක් පිරිනැමුණා. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා සම්මානයයි.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදුකරන ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණා.

මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ක‍්‍රමයෙන් අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් සිදුවන හානි අවම කිරීමට පියවර ගැනීම, වකුගඩු රෝග නිවාරණය සඳහා වූ වැඩපිළිවෙළ සහ සංක‍්‍රමණිකයින්ගේ සෞඛ්‍ය තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර එහිදී විශේෂයෙන් අවධානයට ලක් වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ආචාර්ය පූනම් කිත‍්‍රපාල් සිං විසින් මෙම සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

MS09052016W_1