Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති හා සෞඛ්‍ය ඇමැති යෝග ව්‍යායාමවල (PHOTOS)




ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු කළාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයට සමගාමීව ව්‍යායාම් කිරීමේ වැඩසටහනක් අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටල් භූමියේදී පැවැත්වුණා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල , ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග‍්‍රට් චෑන් (Dr.Margaret Chan) , ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනර්ෆි අසුඕමා බාහ් (Dr Anarfi Asamoa-Baah) , ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කළාපයේ අධ්‍යක්ෂිකා පූනම් චෙට‍්‍රපාල් සිං (Dr Poonam Khetrapal Singh), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රි ලංකා නේවාසික නියෝජිත ඡෙකබි කුමරේෂන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගිවී සිටියා.

මෙහිදී මාධ්‍යට අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වූවා

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම සැසිවාරයෙන් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණ රැසක් අත්වෙනවා. විශේෂයෙන්ම බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකය ලබාදෙනවා. අපේ රට මුහුණ දී සිටින ප‍්‍රධානම අභියෝගය තමයි බෝනොවන රෝග පාලනය කිරිම. එම අභියෝගය ජය ගැනීම සදහා තිරසර සංවර්ධන ඉළක්ක කරා ශ‍්‍රී ලංකාව ගමන් කිරිම පිළිබද වැදගත් තීන්දු තීරණ රැසක් මෙම සමුළුවේදී ගැනීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාව දෙස හොඳ ප‍්‍රතිචාරයක් දක්වා ඇති බැවින් බෝනොවන රෝග පාලනය කිරිම සදහා මේ වනවිට ගෙන ඇති ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරිම අප සතු කාර්යභාරයක්. බෝනොවන රෝග පාලනය කිරීම සදහා ව්‍යායාම් කිරීම ද ඉතා වැදගත් වෙනවා”.

01 02 03 04 05 06 07 08 09 10