Thursday, September 19, 2024

General line - 0115112241

දැන් අයිතිය ඉල්ලන ඉඩම් යුද සමයේ කොටි නායකයින්ට විකුණලාලු




උතුරේ මුල් පදිංචිකරුවන් ලෙස ඉඩම් අයිතිය ඉල්ලා සිටින ඇතැම් පිරිස් එම ඉඩම් යුද්ධය පැවති කාලයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට විකුණා ඇති බවට සැක මතුව තිබෙනවා.

කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුර පිහිටා තිබූ අක්කර 4 ක භූමි ප‍්‍රදේශයක් පසුගියදා එහි අයිතිකරුවන් බව කියන පිරිස් වෙත යළි භාර දුන්නද ඇතමුන් මෙතෙක් ඒවායේ පදිංචි වී නැහැ.

පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරට අයත්ව තිබී නිදහස් කළ අක්කර හතරක භූමි ප‍්‍රදේශයක් අයිතිකරුවන් 8 දෙනෙකුට පවරා දෙනු ලැබුවා. එහෙත් එම බිම්වල යළි පදිංචි වී ඇත්තේ අයිතිකරුවන් දෙදෙනෙකු පමණයි. සෙසු පිරිස එහි පදිංචිවීමට මැලිකමක් දක්වන්නේ යුද්ධය පැවති කාලයේදී ඔවුන් එම ඉඩම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන් වෙත විකුණා තිබීම හේතුවෙන් බවටයි සැක මතුව ඇත්තේ.

මෙවැනි තත්ත්වයක් පැවතියදීත් දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් පරෙවිපච්චාන් කඳවුර පිහිටුවා තිබෙන සෙසු භූමි ප‍්‍රදේශයද අයිිතිකරුවන්ට ලබාදෙන ලෙස බලපෑම් කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.