Thursday, September 19, 2024

General line - 0115112241

“SLFP – TNA සන්ධාන ගතවීම ගැටළුවක් නොවෙයි”




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට එකඟ වන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සමග වුවද සන්ධාන ගත වීම ගැටලුවක් නොමැති බව අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ ඇතැම් ජාතිවාදි මත දරන දේශපාලන පක්ෂ සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සන්ධාන ගත වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

දෙමළ ජාතික සන්ධානය ඉදිරි මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වීමේ සූදානමක් ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ඊයේ (10) ප‍්‍රකාශ කළා. එ් සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න වැඩි දුරටත් සඳහන් කළේ “මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව සාකච්ඡා වුණාද කියන්න මම දන්නෙ නැහැ. එහෙත් ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට බාධා නොවන ලෙස ටී.එන්.ඒ එක එකතු වෙනවා නම් හොඳයි. ඒකාබද්ධ විපක්ෂයේ සමහර කොටස් කියන ජාතිවාදි කරුණු නිසා ඔහුන් සමග එකතුවීමේ ගැටළු තියෙනවා. දැන් මේ ගම්මන්පිල වගේ අය කියන ප්‍රකාශ නිසා කවමදාකවත් මේ රටේ ජාතික සංහිඳියාවක් ඇති කරන්න වෙන්නෙ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒ අය එක්ක ශ්‍රීලනිපයටත් එකට වැඩ කරන්න බැහැ..”. යනුවෙනි.