Saturday, April 20, 2024

General line - 0115112241

රග්බි වෙට්ටුවෙන් ක්‍රීඩකයෙකු මිය යයි (PHOTOS)




රග්බි තරගයක් අතරතුර ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයෙකුගේ වෙට්ටුවකින් ඇද වැටුණු ක්‍රීඩකයෙකු මරණයට පත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයා බිම ඇද වැටී තුවාල ලබා ඇති අතර පසුව ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා.

මෙම තරගය ඕස්ටේ‍්‍රලියාවේ ග‍්‍රාමීය කණ්ඩායම් 2ක් අතර පැවති තරගයක්. මියගිය ක‍්‍රීඩකයා 28 වැනි වියේ පසුවූ ග‍්‍රාන්ට් කුක් නමැත්තෙකු බව විදෙස් වාර්තා පවසනවා.

ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ඕස්ට්‍රේලියාවේ සමස්ත රග්බි ක්ෂේත‍්‍රය දැඩි කම්පනයට ලක්වූ බව එරට නොදර්න් රිවර්ස් රග්බි ලීගයේ සභාපති බ‍්‍රයන් රික්ස් කියා සිටියා. අනතුර පිළිබඳ පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.

03d5a9fbb63f518e01b1dd5a8e9d655e 76da069ebc83d0e00cbd0caae8b0875a a5c98958c831c319b76fd5cce483752a a18da81a8000e62290b0bb9200d86a28