Friday, September 20, 2024

General line - 0115112241

මූත්‍රා කරන නැපි මාරු කරන ෆොටෝ වගයක් ෆේස්බුක් දැම්මා කියා ‘18 දුව මාපියන්ට එරෙහිව නඩු මගට බැහැලා‘



ෆේස්බුක් එකට දාපු ෆොටෝ වගයක් නිසා සිය දෙමව්පියන්ට විරුද්ධව නඩු මගට පිවිසි දුවක් ගැන පුවතක් වර්තාවනවා.

මේ පුවත වාර්තා වන්නේ ඕස්ට්‍රියාවෙන්..

තමන්ගේ කුඩා කාලයේ පින්තූර වගයක් ඇයගේ දෙමව්පියෝ ෆේස්බුක් එකට දැම්මයි කියලා තමා මේ ප්‍රශ්ණෙ ඇති වෙලා තියෙන්නේ.

මේ ෆොටෝ නිසා තමන්ගේ ජීවිතය දුක්ඛිත තත්වයට ඇද වැටී ඇති බවත් ඇය කියා තිබෙනවා.

2009 වසරේ සිට ඇයගේ කිසිදු අවසරයකින් තොරව ෆොටෝ 500කට අධික ප්‍රමාණයක් ඇයගේ දෙමාපියන් මෙසේ ෆේස්බුක් එකට දාලා තිබෙනවා කියලයි ඇය පවසා තිබුණේ.

ඈ නැපි මාරු කරන පින්තූර වගේම මුත්‍රා කරන පින්තූරද මේ අතර තිබූ බවයි සඳහන් වන්නේ.

ඇයට මෙම නඩුව ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් ඇති බව ඇයගේ නීතිඥයා පවසා තිබෙනවා

ඇයගේ පියා මේ පින්තූර ෆේස්බුක් එකෙන් මකා දාන්න අකමැති වෙලා තියෙන බවත් සඳහන් වෙනවා.

බැරිවෙලා හෝ මැය මේ නඩුව ජයග්‍රහණය කලොත් ඇගේ මව්පියන්ට විශාල වන්දි මුදලක් මැය වෙත ගෙවීමට සිදුවනු ඇති බවයි සඳහන් වන්නේ.

0dbaa46100000578-0-image-a-38_1473845217409

03f3ae690000044d-0-image-a-39_1473845221103